පිටි මිශ්‍රණය සදහා (මේ ප්‍රමාණ තිරිගු පිටි කිලෝ 1ක් සදහා. මේ පුමාණ වලට සමානුපාතිකව ගන්න පිටි අඩුවෙන් ගන්න කොට)

1. පිටි 1kg
2. යිස්ට් (සාමාන්‍යයෙන් ගන්නේ 12g -ඔය පැකට් එකක ප්‍රමාණය.නමුත් අඩුවෙන් ගන්න. 8g විතර. මම මේ අරගෙන තියන පිටි 400g වලට දැම්මේ යීස්ට් 4g)
3. මාගරීන් 100g
4. සීනි 100g
5. ලුණු 12g
6. බිත්තර සුදු මදයක්
පිටි මෝලිය තැනීම.

මේ සදහා මේන්න මේ උපකරණය තියනවා නම් වඩා හොදයි. නැතිනම් මේ දක්වලා තියන කාලය වගේ 3ගුණයක් වේලා මේ මිශ්‍රණ අතින් අනන්න වෙන එක පණ යන වැඩක්. ඒ වගේම මේ මිශ්‍රණ ඝණකමට හුගක් වෙලා මිශ්‍රවෙන්න දෙන්න එපා. මේ රොටේටරි බීටරය පිලිස්සෙනවා.(මේක ලියන එකා එහෙම බීටර් 2ක් පුච්චපු එකෙක්)මේකේ පිටි මෝලි අනන්න වෙනම "ඩෝ හූක්ස්" නම් විශේෂිත බීටර් බ්ලේඩ් දෙකක් එනවා. පහල පෙන්නා ඇත්තේ ඒ "ඩෝ හූක්ස්"

පිටි, යීස්ට් සහ සීනි හොදින් මිශ්‍ර කරගන්න. මෙයට ජලය 200g පමණ මිශ්‍ර කර අතේ නොඇලෙන මිශ්‍රණයක් හදා ගන්න.විනාඩි 5ක් පමණ බීට් කරන්න. (ඉහත රූපයේ A)
මෙයට මාගරීන් එක්කොට විනාඩි 10ක් බීට් කරන්න.(ඉහත රූපයේ B)
පසුව ලුණු එකතු කොට නැවත විනාඩි 10ක් බීට් කරන්න. (ඉහත රූපයේ C)
අවසානයේ දී පිටි මෝලිය මෙලෙස දිස්වේ. (ඉහත රූපයේ D)

මෙම පිටි මෝලිය විනාඩි 10ක් පිපෙන්නට හරින්න (ඉහත රූපයේ E)
පිපුණු මෝලිය 40-50g පමණ කොටස් වලට වෙන් කරන්න.(ඉහත රූපයේ F)
මෙම කොටස් නැවත පිපෙන්නට විනාඩි 10ක් තබන්න.(ඉහත රූපයේ G)
මාළුපාන් කරිය සාදා ගැනීම.
අවශ්‍ය දේ...

7. තම්බා පොඩිකර පිළියෙළ කරගත් මාළු 100g
8. තම්බා පොඩි කරගත් අර්තාපල් 200g
9. සිහින් ව ලියා ගත් කැරට් 50g
10. සිහින් ව ලියා ගත් ලීක්ස් කද කොටස 50g
11. සිහින් ව ලියා ගත් ළූණු 50g
12. සිහින් ව ලියා ගත් සුදුළූණු බික් 8ක් පමණ
13. සිහින් ව ලියා ගත් ඉගුරු 1cm පමණ
14,15,16,17 - සිහින් ව ලියා ගත් කරපිංචා, රම්පෙ, අමු මිරිස් සහ සේර කුඩා කැබැල්ලක්.
18,19 - රස අනුව ලුණු සහ ගම්මිරිස්
20 කුරුදු 2cm පමණ, උළුහාල් ඇට 20ක් පමණ, සිහින්ව ඇඹරූ එනසාල් සහ කරාබු නැටි ස්වල්පයක්
21,22 - වියලි බැසිල් සහ තෛයිම් කොළ ස්වල්පයක් (නැති වුණත් අවුලක් නැත)

පළමුව සුදුළූණු,ඉගුරු,කරපිංචා, රම්පෙ, අමු මිරිස් සහ සේර,කුරුදු,උළුහාල්,එනසාල් සහ කරාබු නැටි තෙල් ස්වල්පයක් ලිප තබා බදින්න.(ඉහත රූපයේ H) මෙයට මාළු දමා බැදෙන්නට හරින්න.(ඉහත රූපයේ I) එයට පසුව ළූණු එක්කරන්න.මෙවිට ම ලුණු සහ ගම්මිරිස් එක්කරන්න.(ඉහත රූපයේ J) එය බැදුනාට පසුව එයට කැරට් සහ ලීක්ස් එක්කර බැදෙන්නට හරින්න.(ඉහත රූපයේ K) අවසානයේ අල එක්කර හොදින් මිශුකර ලිපෙන් බා ගෙන නිවෙන්නට තබන්න.(ඉහත රූපයේ L & M)
මාළුපාන් "එතීම"

වෙන් කර පිපෙන්නට තැබූ පිටි ගුලියක් රොල්න් පින් එකක ආධාරයෙන් රූපයේ ලෙසට පැති තුනකට විහිදෙන ලෙසට තුනී කරගන්න.(ඉහත රූපයේ N) ලෑල්ලට ඇලීම වැළකීමට පිටි ටිකක් ඉසින්න.
මෙම පිටි කොටස මැදට කරිය අවශ්‍ය කරන ප්‍රමාණය තබන්න.(ඉහත රූපයේ O)
විහිදුනු කොටස් තුන එක්ක මත එකක් වන සේ කරිය වැසෙන්නට දමන්න.(ඉහත රූපයේ P)
එම කොටස් 3 එක් වෙන පැත්ත යටට සිටින සේ දාළුපාන් එක උඩටහරවා ගන්න.(ඉහත රූපයේ Q)
මෙම මාළුපාන් මාගරීන් තැවරූ ට්‍රේ මත තබා පිපෙන්නට විනාඩි 45ක් තබන්න.(ඉහත රූපයේ R)
කලින් බිත්තර සුදු මදය වෙන් කිරීමේදී ඉවත් කළ කහ මදයට ජලය ස්වල්පයක් එක්කර හොදින් තට්ටු කොට මෘදු බුරුසුවකින් මෙම පිපුණු මාළුපාන් මතුපිට වැසෙන සේ ගාන්න.(ඉහත රූපයේ S)මෙයට කියන්නේ Egg Wash කරනවා කියා.
180*C උෂ්ණත්වයක විනාඩි 35-40ක් පමණ මේ මාළුපාන් පුළුස්සා ගන්න.පිළිස්සුණු මාළුපාන් මෙලෙස දිස්වේ.(ඉහත රූපයේ T සහU)

