Sunday, June 26, 2011

අද කොත්තු රොටී හදමු

අද කොත්තු රොටී හදමු!! කොත්තු කන්න හොදිත් සමග!!

බොහෝ දෙනෙකුගේ ඉල්ලීම පරිදි ඔන්න මම වැඩේ කලා!!


මුලින්ම චිකන් කරිය හදමු!!



අවශ්‍ය දේවල් -
ඉගුරු, සුදුලූනු, රම්පෙ, කරපිංචා, සේර, බීලූනු, තක්කාලි
රතු මිරිස් කුඩු, අමු තුනපහ කුඩු, බැදපු තුනපහ කුඩු තේහැදි 2 බැගින්
ලුණු , ගම්මිරිස් තේ හැන්ද බැගින්
කහ කුඩු, සුවද කුඩු (එනසාල්+කරාඹුනැටි+කුරුදු) තේහැදි 1/2 බැගින්
පොල් කිරි කොප්ප 2ක්
තෙල් මේස හැදි 2ක්
කුකලු මස් ග්‍රෑම් 500 -750ක්






ඉගුරු, සුදුලූනු, රම්පෙ, කරපිංචා, සේර, තක්කාලි, ලූනු මෙලෙස කපා ගන්න.



තෙල් ලිප තබා රත්වන විට ඉගුරු, සුදුලූනු, රම්පෙ, කරපිංචා, සේර, ලූනු දමා බැදගන්න.


දැන් කුලුබඩු සියල්ල සහ ලුණු එක්කර බැදගන්න.


මස් ලොකු කැබලි වලට කපා ගන්න.


මස් සහ තක්කාලි එක්කර විනාඩි කීපයක් බැදගන්න.


පොල් කිරි එක් කරන්න.


කිරි උතුරන විට ගින්දර අඩුකර වසා තබන්න.


Saturday, June 25, 2011

පැස්ටා සමග චීස් (Pas ta & Cheese)

පැස්ටා සමග චීස් (Pas ta & Cheese)

අවශ්‍ය කරන දේ......(දෙදෙනෙකුට සෑහෙන ප්‍රමාණයක් සදහා)




1. පැස්ටා 150g
2. චීස් 100g (සිහින් ව කපා ගන්න)
3. මාගරින් 50g
4. තිරිගු පිටි තේ හැදි 1ක්
5.-6. රස අනුව ලුණු සහ ගම්මිරිස්
7. හතරුස් ව කැපූ කැරට් 30g
8. තරමක කෑලි වලට කැපූ ළූණු කොළ 30g
9. තරමක කෑලි වලට කැපූ ළූණු 20g
10. බඩ ඉරිගු පිටි තේ හැදි 1ක්
11. ඔයිස්ටර් සෝස් තේ හැදි 1ක්
12. ටෙරියාකි සෝස් තේ හැදි 1ක්
13. පාස්ලි කොළ 10g(සිහින් ව කපා ගන්න)
14. රම්පෙ 1cm පමණ(සිහින් ව කපා ගන්න)
15. කරපිංචා ඉත්තක් (සිහින් ව කපා ගන්න)
16. කොත්තමල්ලි කොල 5g පමණ(සිහින් ව කපා ගන්න)
17-18 සැල්දිරි සහ සේර කුඩා පුමාණ වලින් (සිහින් ව කපා ගන්න)
19. සුදුළූණු බික් 2ක් පමණ
20. වඩා රත් පැහැති රතු ළූණු ගෙඩියක්.

සාදන ක්‍රමය

පැස්ටා තම්බා ගන්න. තම්බන වතුරට මාගරින් ස්වල්පයක් සහ ලුණු ස්වල්පයක් එක් කරන්න. විනාඩි 10කට වඩා තැම්බීමෙන් වළකින්න.


තරමක කෑලි වලට කැපූ ළූණු,පාස්ලි කොළ 8g පමණ,රම්පෙ 0.5cm පමණ,කරපිංචා,කොත්තමල්ලි කොල 3g පමණ,සැල්දිරි සහ සේර,සුදුළූණු යන මේවා මාගරීන් ස්වල්පයක් ලිපතබා හොදින් බැදගන්න. (රූපයේ A)
මෙයට ම චීස් එකතු කරන්න.(රූපයේ B) බැදුණු පසුව ජලය ස්වල්පයක් සමග බ්ලෙන්ඩරයක දමා හොදින් ක්‍රීම් එකක් වන තුරු ගසා ගන්න.(රූපයේ C සහD)


ඉතිරි පාස්ලි, රම්පෙ, කරපිංචා, කොත්තමල්ලි කොළ, සැල්දිරි යන මේවා මාගරීන් ලිප තබා යන්තම් බැද ගන්න. (රූපයේ E)මෙයට ම ගම්මිරිස්, ලුනු,කැරට්, ළූනු කොල සහ රතු ළූණු එක්කරන්න. (රූපයේ F) මෙම කොටස බදුනේ පසෙකට කර තෙල් ටික බේරා වෙන් කරගෙන එයට පිටි තේ හැන්ද එක් කර බැදෙන්නට හරින්න.(රූපයේ G) මෙයට ම ජලය මදින් මද එක් කර ගන්න(රූපයේ H)


මෙම මිශුණයට ගසා ගත් චීස් මිශ්‍රණය එක් කරන්න.(රූපයේ I) මෙය හොදින් බුබුළු දමන තරමට තැම්බුණු පසුව එයට ටෙරියාකි සෝස්, ඔයිස්ටර් සෝස් සහ ජලය මදක් දිය කර ගත් කෝන් ෆ්ලාර් එකතු කරන්න.(රූපයේ J) මිශ්‍රණය මදක් ගනකම් (රූපයේ K)වන විට තම්බා ජලය ඉවත් කොට ගත් පැස්ටා එක් කරන්න.(රූපයේ L)

චිකන් සහ හතු ක්‍රීම් සුප් (Cream of Chicken & Mushroom Soup)

චිකන් සහ හතු ක්‍රීම් සුප් ......(Cream of Chicken & Mushroom Soup)

අවශ්‍ය කරන දේ..



1 - සුදු ළූණු බික් 3-4ක් (සිහින්ව කපා ගන්න)
2 - සෙමී 1ක් පමන වන ඉගුරු කැබැල්ලක් (සිහින්ව කපා ගන්න)
3 - කටු රහිත කුකුළු මස් 50g (නිර්මාංශ අය මෙය ඉවත් කර හදා ගන්න)
4 - Oyster හතු 50g
5 - සිහින්ව ලියා ගත් ලීක්ස් 50g
6 - සිහින්ව ලියා ගත් කැරට් 25g
7- තරමක කෑලි කැපූ කැරට් 25g
8 - තරමක ළූණු ගෙඩියක් (සිහින්ව කපා ගන්න)
9 - නූඩ්ල්ස් හෝ මැකරෝනි 25g 

අනිත් ඒවා සුවද ද්‍රව්‍ය. මේව නම් සියල්ල සුප් එකකට දාන තරමට හොදයි හේතුව එහි ගුණය සහ සුවද වැඩිකර ගන්න



10 - සැල්දිරි 25g (සිහින්ව කපා ගන්න)
11 - සේර කුඩා කැබැල්ලක් (සිහින්ව කපා ගන්න)
12 - පාස්ලි 10g (සිහින්ව කපා ගන්න)
14 - කොත්තමල්ලි කොළ 10g (සිහින්ව කපා ගන්න)
15 - ගම්මිරිස් තේ හැදි කාලක්
16 - රස අනුව ලුණු
17 - කුරුදු කුඩා කැබැල්ලක් සහ උළුහාල් ඇට 10ක් පමණ
18 - වියලි බැසිල් කොල ස්වල්පයක් (නැති උනත් කමක් නැත)

රූපයේ නැති ඒවා - රම්පෙ අගල් බාලයක කැබැල්ලක් සහ කරපිංචා කොළ 10ක් පමණ
එළවළු තෙල් මේස හැදි 3ක්
ජලය ලීටර 1ක්

සුප් එක ගණකම් කිරීමට
13 - බඩ ඉරිගු පිටි මේස හැදි ‍2ක්

සාදන ක්‍රමය -



සුදු ළූණු, ඉගුරු කුකුළු මස්, Oyster හතු, ලීක්ස් 25g, කෑලි කැපූ කැරට් 25g, ළූණු, සැල්දිරි, සේර, පාස්ලි, කොත්තමල්ලි කොළ, ගම්මිරිස්, ලුණු, කුරුදු, උළුහාල්, වියලි බැසිල් කොල, රම්පෙ, කරපිංචා සියල්ල එළවළු තේල් මේස හැදි 1ක් සමග හොදින් බැද ගන්න. (රුපයේ අ) පදමට බැදි ආ පසු (රුපයේ ආ) එය වතුර ස්වල්පයක් සමග බ්ලෙන්ඩරයක් දමා ක්‍රීම් එකක් වන තුරු හොදින් අඹරා ගන්න. (රුපයේ ඇ සහ ඈ)



ඉතිරි ළූණු, සිහින්ව ලියා ගත් ලීක්ස්, සිහින්ව ලියා ගත් කැරට්, නූඩ්ල්ස් හෝ මැකරෝනි, ඉතිරි තෙල් මේස හැදි 2 සමග විනාඩි 3ක් පමණ බැද ගන්න. (රුපයේ ඉ). මේ බැදෙන මිශ්‍රණයට ගසා ගත් ක්‍රීම් එක මිශ්‍රකර, එ සැනින්ම ජලය මිලී ලීටර් 950ක් එකතු කරන්න. (රුපයේ ඊ) මෙය මද ගින්නේ බුබුලු දමන තෙක් පිස ගන්න. මිශ්‍රණය බුබුළු දමන විට ඉතිරි ජලය මිලි ලීටර් 50 ට බඩ ඉරිගු පිටි මේස හැදි ‍2 දියකර සුප් එකට එක්කර,(රුපයේ උ සහ ඌ) විනාඩි 5ක් පමණ පිස ගන්න.


මෙවිට සුප් එක මෙලෙස දිස්වේ.





මෙලෙස පිළිගන්වන්න........



Making Fish Bun - අපි මාළු පාන් හදමු

අවශ්‍ය ද්‍රව්‍ය
පිටි මිශ්‍රණය සදහා (මේ ප්‍රමාණ තිරිගු පිටි කිලෝ 1ක් සදහා. මේ පුමාණ වලට සමානුපාතිකව ගන්න පිටි අඩුවෙන් ගන්න කොට)



1. පිටි 1kg
2. යිස්ට් (සාමාන්‍යයෙන් ගන්නේ 12g -ඔය පැකට් එකක ප්‍රමාණය.නමුත් අඩුවෙන් ගන්න. 8g විතර. මම මේ අරගෙන තියන පිටි 400g වලට දැම්මේ යීස්ට් 4g)
3. මාගරීන් 100g
4. සීනි 100g
5. ලුණු 12g
6. බිත්තර සුදු මදයක්
පිටි මෝලිය තැනීම.


මේ සදහා මේන්න මේ උපකරණය තියනවා නම් වඩා හොදයි. නැතිනම් මේ දක්වලා තියන කාලය වගේ 3ගුණයක් වේලා මේ මිශ්‍රණ අතින් අනන්න වෙන එක පණ යන වැඩක්. ඒ වගේම මේ මිශ්‍රණ ඝණකමට හුගක් වෙලා මිශ්‍රවෙන්න දෙන්න එපා. මේ රොටේටරි බීටරය පිලිස්සෙනවා.(මේක ලියන එකා එහෙම බීටර් 2ක් පුච්චපු එකෙක්)මේකේ පිටි මෝලි අනන්න වෙනම ‍"ඩෝ හූක්ස්" නම් විශේෂිත බීටර් බ්ලේඩ් දෙකක් එනවා. පහල පෙන්නා ඇත්තේ ඒ "ඩෝ හූක්ස්"



පිටි, යීස්ට් සහ සීනි හොදින් මිශ්‍ර කරගන්න. මෙයට ජලය 200g පමණ මිශ්‍ර කර අතේ නොඇලෙන මිශ්‍රණයක් හදා ගන්න.විනාඩි 5ක් පමණ බීට් කරන්න. (ඉහත රූපයේ A)

මෙයට මාගරීන් එක්කොට විනාඩි 10ක් බීට් කරන්න.(ඉහත රූපයේ B)

පසුව ලුණු එකතු කොට නැවත විනාඩි 10ක් බීට් කරන්න. (ඉහත රූපයේ C)

අවසානයේ දී පිටි මෝලිය මෙලෙස දිස්වේ. (ඉහත රූපයේ D)



මෙම පිටි මෝලිය විනාඩි 10ක් පිපෙන්නට හරින්න (ඉහත රූපයේ E)

පිපුණු මෝලිය 40-50g පමණ කොටස් වලට වෙන් කරන්න.(ඉහත රූපයේ F)

මෙම කොටස් නැවත පිපෙන්නට විනාඩි 10ක් තබන්න.(ඉහත රූපයේ G)

මාළුපාන් කරිය සාදා ගැනීම.
අවශ්‍ය දේ...



7. තම්බා පොඩිකර පිළියෙළ කරගත් මාළු 100g
8. තම්බා පොඩි කරගත් අර්තාපල් 200g
9. සිහින් ව ලියා ගත් කැරට් 50g
10. සිහින් ව ලියා ගත් ලීක්ස් කද කොටස 50g
11. සිහින් ව ලියා ගත් ළූණු 50g
12. සිහින් ව ලියා ගත් සුදුළූණු බික් 8ක් පමණ
13. සිහින් ව ලියා ගත් ඉගුරු 1cm පමණ
14,15,16,17 - සිහින් ව ලියා ගත් කරපිංචා, රම්පෙ, අමු මිරිස් සහ සේර කුඩා කැබැල්ලක්.
18,19 - රස අනුව ලුණු සහ ගම්මිරිස්
20 කුරුදු 2cm පමණ, උළුහාල් ඇට 20ක් පමණ, සිහින්ව ඇඹරූ එනසාල් සහ කරාබු නැටි ස්වල්පයක්
21,22 - වියලි බැසිල් සහ තෛයිම් කොළ ස්වල්පයක් (නැති වුණත් අවුලක් නැත)



පළමුව සුදුළූණු,ඉගුරු,කරපිංචා, රම්පෙ, අමු මිරිස් සහ සේර,කුරුදු,උළුහාල්,එනසාල් සහ කරාබු නැටි තෙල් ස්වල්පයක් ලිප තබා බදින්න.(ඉහත රූපයේ H) මෙයට මාළු දමා බැදෙන්නට හරින්න.(ඉහත රූපයේ I) එයට පසුව ළූණු එක්කරන්න.මෙවිට ම ලුණු සහ ගම්මිරිස් එක්කරන්න.(ඉහත රූපයේ J) එය බැදුනාට පසුව එයට කැරට් සහ ලීක්ස් එක්කර බැදෙන්නට හරින්න.(ඉහත රූපයේ K) අවසානයේ අල එක්කර හොදින් මිශුකර ලිපෙන් බා ගෙන නිවෙන්නට තබන්න.(ඉහත රූපයේ L & M)

මාළුපාන් "එතීම"

 

වෙන් කර පිපෙන්නට තැබූ පිටි ගුලියක් රොල්න් පින් එකක ආධාරයෙන් රූපයේ ලෙසට පැති තුනකට විහිදෙන ලෙසට තුනී කරගන්න.(ඉහත රූපයේ N) ලෑල්ලට ඇලීම වැළකීමට පිටි ටිකක් ඉසින්න.
මෙම පිටි කොටස මැදට කරිය අවශ්‍ය කරන ප්‍රමාණය තබන්න.(ඉහත රූපයේ O)
විහිදුනු කොටස් තුන එක්ක මත එකක් වන සේ කරිය වැසෙන්නට දමන්න.(ඉහත රූපයේ P)
එම කොටස් 3 එක් වෙන පැත්ත යටට සිටින සේ දාළුපාන් එක උඩටහරවා ගන්න.(ඉහත රූපයේ Q)
මෙම මාළුපාන් මාගරීන් තැවරූ ට්‍රේ මත තබා පිපෙන්නට විනාඩි 45ක් තබන්න.(ඉහත රූපයේ R)
කලින් බිත්තර සුදු මදය වෙන් කිරීමේදී ඉවත් කළ කහ මදයට ජලය ස්වල්පයක් එක්කර හොදින් තට්ටු කොට මෘදු බුරුසුවකින් මෙම පිපුණු මාළුපාන් මතුපිට වැසෙන සේ ගාන්න.(ඉහත රූපයේ S)මෙයට කියන්නේ Egg Wash කරනවා කියා.
180*C උෂ්ණත්වයක විනාඩි 35-40ක් පමණ මේ මාළුපාන් පුළුස්සා ගන්න.පිළිස්සුණු මාළුපාන් මෙලෙස දිස්වේ.(ඉහත රූපයේ T සහU)